ශ්‍රී ලංකාවේ සිට රැගෙන ගිය රන් බිස්කට් 916ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට රැගෙන ගිය රන් බිස්කට් 916ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත රැගෙන ගිය රන් බිස්කට් තොගයක් සමග සැකකරුවෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලක් තිස්සේ සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී රන් බිස්කට් කැබලි 916කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
තමිල්නාඩු මාධ්‍ය වාර්තාකරන්නේ සැකකරු සමග යතුරුපැදියක්ද අදාළ බලධාරීන් සිය භාරයට ගෙන ඇති බවය.
මෙලෙස නීතිවිරෝධීව මෙරටින් රැගෙන ගොස් ඇති රන් බිස්කට් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 11 ඉක්මවන බවටද වාර්තාවෙයි.