භාණ්ඩ 6ක උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනයක්

භාණ්ඩ 6ක උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කරයි

භාණ්ඩ 6ක උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කරයි

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා (05) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙසද, සිල්ලර මිල මිල පරාසයක් ලෙසද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ.

වියළි මිරිස් කිලෝවකට රුපියල් 870ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 900ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 320ක, අර්තාපල් කිලෝවකට රුපියල් 120ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 295ක තොග මිල නැවත ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 280ත් 310ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050ත් 1400ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 360ත් 420ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 250ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310ත් 380ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *