සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් ගාස්තු අඩුකරයි

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි

වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පෙබරවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

සුරාබදු ආඥා පනතට අනුව ජනවාරි මස 12වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සංශෝධනයන්වලට සුරාබදු බලපත්‍රලාභීන් විරෝධය පළ කිරිමත් සමඟ යළිත් වරක් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් පමණක් අයකරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පොල් රා බෝතල් කිරිම සඳහා මිලියන 10ක්ව පැවැති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩුකර ඇත.
තල් රා බොතල්ගත කිරිමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 05ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

විනාකිරි නිෂ්පාදනාගාර ගාස්තුව ලක්ෂ 25 සිට ලක්ෂ 05 දක්වා අඩුකර ඇති අතර එක්වරක් පමණක් අයකරගනු ලබන ගාස්තුව ලක්ෂ 25ක් ලෙස සංශෝධනය කර තිබේ.

මහනගර සභා බල ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මිලියන 15ක් ලෙස පැවැති අතර නව සංශෝධනයට අනුව එය ලක්ෂ 10 දක්වා අඩු කර ඇති බව සඳහන්ය.

නගර සභා බල ප්‍රදේශ සඳහා එක්කෝටි විසි පන්ලක්ෂයක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 8 දක්වා අඩුකර ඇති අතර අනෙකුත් ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීම සඳහා රුපියල් මිලියන 10ක්ව පැවැති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 6 දක්වා අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *