ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­න­යට ජාත්‍ය­න්තර සම්මා­න­යක්

ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­න­යට ජාත්‍ය­න්තර සම්මා­න­යක්

ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­න­යට ජාත්‍ය­න්තර සම්මා­න­යක්

ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­නය විසින් මීට මාස කිහි­ප­ය­කට පෙර සඳ වෙත යවනු ලැබූ චන්ද්‍ර­යාන් -3 රොක­ට්ටුවේ මෙහෙ­යුම වෙනු­වෙන් අයි­ස්ල­න්තයේ කීර්ති­මත් ලීෆ් එරි­ක්සන් චන්ද්‍ර ත්‍යාග­යෙන් පිදුම් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෝර්වේ­ජි­යානු චන්ද්‍ර ගවේ­ෂ­ක­යකු වු ලීෆ් එරි­ක්සන්ගේ නමින් පිරි­නැ­මෙන මේ ත්‍යාගය චන්ද්‍ර ගවේ­ෂ­ණය සඳහා සැල­කිය යුතු දාය­ක­ත්ව­යක් ලබා­දෙන පුද්ග­ල­යන්ට සහ ආය­ත­න­ව­ලට පිරි­න­මනු ලබ­න්නකි.

චන්ද්‍ර ගවේ­ෂ­ණය ඉදි­රි­යට රැගෙන යෑමට සහ අභ්‍ය­ව­කා­ශයේ ගුප්ත තොර­තුරු අව­බෝධ කර­ගැ­නී­මට දාය­ක­ත්වය සැප­යීම වෙනු­වෙන් එම ත්‍යාගය ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­න­යට පිරි­නමා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කාව, රුසි­යාව සහ චීන­යට පසු සඳ ජය ගත් සිවු­වැනි රට ලෙසත් ඉති­හා­ස­යට එක්වූ ඉන්දි­යාවේ එම ඓති­හා­සික සඳ ගම­නේදී චන්ද්‍ර­යාන්-3 රොක­ට්ටු­වෙන් පිට­තට යවනු ලැබූ වික්‍රම් නමැති ලෑන්ඩ­රය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත සාර්ථ­කව ගොඩ බස්සවා තිබිණි. ලීෆ් එරි­ක්සන් ත්‍යාග­යෙන් පිදුම් ලැබීම ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­න­යට ඉදි­රි­යේදී තව­දු­ර­ටත් එම කට­යුතු සාර්ථ­කව සිදු කිරී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *