ජාතික ආදායමෙන් 64%ක් ඉහළම ධනවතුන් 10%ක් භුක්ති විඳිනවා – විමල් වීරවංශ

ජාතික ආදායමෙන් 64%ක් ඉහළම ධනවතුන් 10%ක් භුක්ති විඳිනවා - විමල් වීරවංශ

ජාතික ආදායමෙන් 64%ක් ඉහළම ධනවතුන් 10%ක් භුක්ති විඳිනවා - විමල් වීරවංශ

මෙරට ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් සියයට 10ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින සියයට 50ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින සියයට 4ක ප්‍රමාණයද අහිමි වියහැකි බවත් ඒ මහතා කීය.

වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරව බව කී ඒ මහතා ආනඩුව හැසිරෙන ආකාරයට අවබෝදයක් නොමැති යැයි පැහැදිළි බවද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා එසේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *