ඊශ්‍රායලයට එරෙහිව සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්

ඊශ්‍රායලයට එරෙහිව සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්

ඊශ්‍රායලයට එරෙහිව සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්

ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා සියලු පියවර ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබේ.

ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් ගොනු කර තිබුණු සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
“ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් තුලින් පලස්තීනයේ ජන සංහාරයක් විය හැක.”

ඉදිරිපත් කළ ජනසංහාරක චෝදනා සඳහා දකුණු අප්‍රිකාවට ප්‍රමාණවත් පදනමක් ඇති බව ජාත්‍යන්තර අධිකරණය පැවසූ අතර නඩුව ඉවත දැමීමට ඉදිරිපත් කළ ඊශ්‍රායල අයදුම්පත ප්‍රතික්ෂේප කරයි.

ජාත්‍යන්තර අධිකරණය අති බහුතරයකින් පහත සඳහන් නියෝග නිකුත් කරයි:

– ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාර නැවැත්විය යුතුය
– කණ්ඩායමක් ලෙස පලස්තීනුවන්ට එරෙහිව උසිගැන්වීම් නවතා දැමිය යුතුය
– මානුෂීය ආධාර සහතික කළ යුතුයි
– සාක්ෂි සුරැකිය යුතුයි
– මාසයක් ඇතුළත ​​චෝදනා සඳහා පිළිතුරු බැඳිය යුතුය
– ජාත්‍යන්තර මානුෂීය නීතියට සියලුම පාර්ශවයන් එකඟ විය යුතුයි
– ගාසා තීරයේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතුය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *