ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වේ.

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232ක නාමලේඛනය (27) දින නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය පළකර ඇත.

මෙම විභාග ප්‍රතිඵල අනුව ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2002ක් සඳහා බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.

ගැසට් නිවේදනයට අනුව කඩිනමින් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඔවුන් රාජ්‍ය සේවයට එක් කරගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනිදා ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *