Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට (24) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණු අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 108ක්ද විපක්ෂව ඡන්ද 62 ලැබිණි. ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.

පනත පිළිබඳ විවාදය (24) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට (23)පාර්ලිමේන්තුව තීරණය කළේය.

එම ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය.

ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *