ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී
හමාස් භාරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට කඩාවැදී තිබෙනවා.
ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට කඩාවැදුනු මෙම පිරිස එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටින පිරිස මුදා ගැනීමට රජය නිසි පියවර නොගන්නා බවට ඔවුන් චෝදනා කරනවා.
එමෙන්ම ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීමේ හැකියාවක් පවතින බවයි විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ.
එබැවින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙස කමිටු රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන් බලකර සිටියා.
මේ අතර හමාස් සංවිධානය ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි වලට කිසිදු ලෙසකින් තමා එකග නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (23) නිවේදනය කළා.