හෙරොයින් කිලෝ 200 සමග 11ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 200 සමග 11ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 200 සමග 11ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 200කට අධික තොගයක් සමග සැකකරුවන්ද 11ක් දෙවුන්දර දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60කට අධික තොගයක් සහිත උර තුනක් (03) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28ත් 52ත් අත‍ර වන මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *