මැණික් ගල් 15කට රු. 28,750,000ක මුදල් වංචා කළ 06ක් CID අත්අඩංගුවට

මැණික් ගල් 15කට රු. 28,750,000ක මුදල් වංචා කළ 06ක් CID අත්අඩංගුවට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැණික් ගල් 15ක් ලබාගෙන ඒ සඳහා ලබා දිය යුතු මුදල් රුපියල් 28,750,000ක් සඳහා මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දී වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවෙකු (19) කොටුව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සඳහා අධාර අනුබල දුන් අනෙක් සැකකරුන් දෙදෙනා සහ සැකකාරීන් තිදෙනා යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24, 30 හා 36 යන වයස්වල පසු වන බේරුවල හා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
එසේම අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25, 43, හා 53 යන වයස්වල පසු වන යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.