ගාසා තීරයට ප්‍රහාර තවත් තීව්‍ර වෙයි; මෙතෙක් ඝාතනය වූ ගණන 24,000 පසුකරයි

ගාසා තීරයට ප්‍රහාරය තවත් තීව්‍ර වෙයි;මිය ගණන 24,000 පසුකරයි

ගාසා තීරයට ප්‍රහාරය තවත් තීව්‍ර වෙයි;මිය ගණන 24,000 පසුකරයි

ඊශ්‍රායලය, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශය ඉලක්ක කරමින් සිදු කරන ප්‍රහාරය තීව්‍ර කරන විට, ගාසා තීරයේ පලස්තීනුවන් අනාගතය පිළිබඳ ඔවුන්ගේ බිය ගැන කතා කරමින් සිටින බව බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මෑත දිනවල ගාසා තීරයේ දරුණුතම සටන් දකුණු නගරය වටා සිදුවේ.

දැනටමත් අවතැන් වූ පවුල් නසාර් රෝහල් ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව වාර්තාවේ.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීම ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයේ 24,000කට වැඩි පිරිසක් ඝාතනයට පත් වි ඇත.

ගාසා තීරයේ මිලියන 2.3ක ජනතාවගෙන් බහුතරයක් අවතැන් වී සිටින අතර ආහාර, පානවර්ග සහ ඖෂධ සොයා ගැනීමට දිනපතා සටනක් ගෙන යති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *