උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බලයි

දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය පසුගියදා සිදු කළ ඒකාබද්ධ අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙය සිදු කළ බවයි උතුරු කොරියාව පවසන්නේ.

උතුරු කොරියාව මෙම න්‍යෂ්ටික සන්නද්ධ දිය යට ඩ්‍රෝන යානා අත්හදා බැලීම සිදුකර ඇත්තේ එරට නැගෙනහිරට ඔබ්බෙන් වු මුහුදු තීරයේදියි.
කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ක්‍රියාවට දකුණු කොරියාව සමග මිත්‍ර රටවල් තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

මේ වන විට උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ග් වැඩි වශයෙන් ආක්‍රමණශිලි වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
දිය යට අවි අත්හදා බැලිමක් සිදු කිරීම සදහා ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය මගින් තමන් කුපිත කර ඇති බවයි උතුරු කොරියාව පවසන්නේ.

මෙවැනි ක්‍රියා එක්සත් ජාතින්ගේ සම්බාදක කඩ කිරීමක් බවද ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය පවසනවා.

එහෙත් උතුරු කොරියා නායකයා පවසන්නේ ඕනෑම වේලාවක ඇති විය හැකි යුද්ධයකට සුදානම් වීම සදහා තම පාලන තන්ත්‍රය සිය හමුදා අවි ගබඩා ගොඩ නගන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *