චීනයෙන් නැවත ආරෝපණ කිරීමකින් තොරව වසර 50ක කාලයක් භාවිතයට ගත හැකි බැටරියක්

චීනයෙන් නැවත ආරෝපණ කිරීමකින් තොරව වසර 50ක කාලයක් භාවිතයට ගත හැකි බැටරියක්

චීනයෙන් නැවත ආරෝපණ කිරීමකින් තොරව වසර 50ක කාලයක් භාවිතයට ගත හැකි බැටරියක්

චීනයේ බීටාවෝල්ට් සමාගම ලොව පළමු වරට ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ආරෝපණ මෙවලමක් ලෙස භාවිත කළ හැකි න්‍යෂ්ටික බැටරියක් නිපදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාසියක ප්‍රමාණයකින් යුතු මේ උපකාරක බැටරිය නැවත ආරෝපණ කිරීමකින් තොරව වසර 50ක කාලයක් භාවිතයට ගත හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ බැටරිය නිපදවා ඇත්තේ මානව ප්‍රජාවට සහ පරිසරයට හානිදායක නොවන අයුරින් බවත්, ඒ පිළිබඳ අදාළ සමාගම සහතික වන බවත් වැඩිදුරටත් සඳහන් වේ. නව න්‍යෂ්ටික බැටරියට සෙල්සියස් අංශක 60 සිට 120 දක්වා ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව ඇතැයි ද වාර්තා වේ. නව බැටරිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් වී නැති බවත්, එය 2025 වසරේදී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *