වාර්තාගත ඡන්ද ලබමින් චීන විරෝධී විලියම් ලායි තායිවානයේ ජනපති ධුරයට

වාර්තාගත ඡන්ද ලබමින් චීන විරෝධී විලියම් ලායි තායිවානයේ ජනපති ධුරයට

වාර්තාගත ඡන්ද ලබමින් චීන විරෝධී විලියම් ලායි තායිවානයේ ජනපති ධුරයට

තායිවාන මහමැතිවරණය සහ ජනාධිපතිවරණයෙන් පනස්පන්ලක්ෂ අසූහයදහසක වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ විලියම් ලායි ජනපති ධුරයට තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු ජනපතිනිය සායි ඉං වෙන්ගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 64 හැවිරිදි විලියම් ලායි වාර්තාපොතට එක්වන්නේ තායිවාන මැතිවරණ ඉතිහාසයේ ලක්ෂ 50කට අධික ඡන්ද ප්‍රමාණයක් ලැබූ පළමු අපේක්ෂකයා ලෙසයි.

මෙවර මැතිවරණයේ ඡන්ද ගණනයෙන් 98%ක ප්‍රමාණයක් නිකුත් වීමෙන් පසු විලියම් ලායිගේ තේරී පත්වීම තහවුරු වූ බවත්, එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න ඡන්දදායකයන් ප්‍රමාණයක් මෙවර ඡන්දය භාවිත කළ බවත් වාර්තා වේ.

විලියම් ලායි හිටපු ජනපතිනිය මෙන්ම අමෙරිකානු හිතවාදියකු වන අතර, ඇයට වඩා උග්‍ර චීන විරෝධියකු බවත් වාර්තා වේ. ඔහු ජනපතිවරයා ලෙස තේරී පත් වී ඇත්තේ ‘කරදරකාරයෙක්’ බව ප්‍රකාශ කරමින් චීනය ගෙන ගිය දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළ පරාජය කරමින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයට හිතවත් අපේක්ෂකයන් වන හූ යූ ඉහ් ඡන්ද ලක්ෂ 46ක්ද, කෝ වෙන් ජී ඡන්ද 36 ලක්ෂයක්ද ලබා ඇති අතර, විලියම් ලායිගේ ජයග්‍රහණය තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් එරට තරුණ පරපුර දුන් ජනවරමක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *