ඖෂධ මිල 20%කටත් වැඩි ප්‍රතිශතයකින් ඉහළට

ඖෂධ මිල 20%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළට

ඖෂධ මිල 20%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළට

ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර සහ එම නිෂ්පාදන වලට අවශ්‍ය ඇසුරුම් ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කර නොමැති හෙයින් මෙරට නිෂ්පාදනය කරන ඖෂධ මිල සියයට විස්සකට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යන බව ඖෂධ නිෂ්පාදකයෝ පවසති.

වැට් බද්දෙන් නිදහස්කර ඇත්තේ ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය පමණක් යැයිද යන්ත්‍ර සූත්‍ර සහ ඇසුරුම් ද්‍රව්‍ය වලට අමතරව ප්‍රවාහන ඇතුළු කටයුතුවල දීද නිෂ්පාදකයන්ට වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයිද, එම වැඩි වන මිල පාරිභෝගිකයන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැතැයිද ඔවුහු සඳහන් කරති.

අමුද්‍රව්‍යවලට හැර වෙනත් කටයුතු සඳහා බද්දද ඇතුළත්ව වැඩි මිලක් ගෙවීමට සිදු වන හෙයින් නිෂ්පාදන පිරිවැය ඉහළ යන බව ද එවිට නිෂ්පාදන අවම කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද පවසන ඔවුහු මෙම තත්ත්වය සම්පූර්ණයෙන් දේශීය නිෂ්පාදකයා අධෛර්යමත් කර ඖෂධ ආනයනයට දිරිදීමක් බවටද චෝදනා කරති.

ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව වැට් බද්ද ඉහළ දැමීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීම මෙම අහිතකර තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවත් කර්මාන්ත ශාලා වල නිෂ්පාදන සීමා කිරීම නිසා සේවකයන්ද සීමා කිරීමට සිදුවීම අනිවාර්ය බවත් නිෂ්පාදකයෝ කියා සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *