විදේශ රටවල් කිහිපයක ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල යළි විවෘත වෙයි

0
ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්

විදේශ රටවල් කිහිපයක පිහිටි තාවකාලිකව වසා දමා ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය යළි විවෘත කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *