ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වෙයි.

ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස එරට නව අග්‍රාමාත්‍යවරයා ගේබ්‍රියෙල් අතාල්

ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස එරට නව අග්‍රාමාත්‍යවරයා ගේබ්‍රියෙල් අතාල්

ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් (09) පත් කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඒ අනුව ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් වාර්තා අතරට එක්වනු ඇත.ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් එල්ල වන දේශපාලන පීඩනය හමුවේ ඉතිරි ඇති ධුර කාලය සඳහා නව මුහුණුවරක් දීමට මෙම පත්වීම සිදු කරනු ලැබුවේය.ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ප්‍රථම විවෘත සමලිංගික අග්‍රාමාත්‍යවරයාද වේ.

මිට පෙර අග්‍රාමාත්‍ය ධුරය දැරූ එළිසබෙත් බෝර්න් විදේශිකයන් පිටුවහල් කිරීමට රජයට ඇති හැකියාව ශක්තිමත් කරන සංක්‍රමණ නීතියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන දේශපාලන කැලඹීම හේතුවෙන් (08) ඉල්ලා අස් වූවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *