“සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව” නමින් නව කොමිෂන් සභාවක් ලංකාවට

ශ්‍රී ලංකාවේ "සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව

ශ්‍රී ලංකාවේ "සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ. මේ පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරට 1983 – 2009 අතර කාලයේදී උතුරු නැගෙනහිර ගැටුම් වලදී ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක කිසියම් පුද්ගලයකුට ජීවිත හානියක් දේපළ හානියක් සිදුවී ඇත්නම් හෝ මානව හිමිකම් කඩ වී ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ
ඒ පිරිස් වලට සාධාරණය ඉටු කිරීම සහ මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරෙන වගකීම් වෙයි.

එම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට මෙම කොමිෂන් සභාව කොළඹ නගරයේ පිහිටවිය යුතුවේ. එහි රැස්වීම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පැවැත්විය හැක.

කොමිසමේ සාමාජිකයන් ලෙස හත් දෙනකුට නොඅඩු පිරිසක් පත් කර ගත යුතු බවද එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට පෙර කොමිෂන් සභාව පිහිටුවීම රජයේ අපේක්ෂාවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *