පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට 13වැනි සංශෝධනයේ බලතල ප්‍රමාණවත් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට 13වැනි සංශෝධනයේ බලතල ප්‍රමාණවත් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට 13වැනි සංශෝධනයේ බලතල ප්‍රමාණවත් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවයි යාපනය දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

දැනට මූල්‍ය ස්වාධීනත්වයක් ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බවත්, 13වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සෑම පළාතකින්ම ඉල්ලා සිටින බවත් එහිදී ජනාධිපතිවරයා පවසා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *