රු. එක්කෝටි 28 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී කොටුවෙයි

රු. එක්කෝටි 28 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී කොටුවෙයි
මධ්‍යම තැපැල් හුවමාරුව හරහා විවිධ පුද්ගලයින් විසින් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
මෙලෙස රේගු භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ බව හෙළිවී ඇත.
එක්සත් රාජධානිය, සහ ජර්මනියේ සිට මෙරටට එවා තිබූ පාර්සල් 11ක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇති බව වාර්තාවෙයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.