වෘත්තීය පුහුණුවට ජර්මනියෙන් යුරෝ මිලියන හතක ප්‍රදානයක්

වෘත්තීය පුහුණුවට ජර්මනියෙන් යුරෝ මිලියන හතක ප්‍රදානයක්

වෘත්තීය පුහුණුවට ජර්මනියෙන් යුරෝ මිලියන හතක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සඳහා ජර්මානු පෙඩරල් ජනරජයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ කාර්මික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2023/ 2026 කාලසීමාව ඇතුළත යුරෝ මිලියන හතක ප්‍රදානයක් ලබාදීමට ජර්මානු පෙඩරල් ජනරජය එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

එකී ව්‍යාපෘතිය ජර්මානු පෙඩරල් ජනරජය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස GIZ ආයතනය කටයුතු කරනු ලබයි.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරීක්ෂණය සහ නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

එම ගිවිසුම අත්සන් තැබීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *