රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා (02) පැවසීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය.
සතොසට බිත්තර ලක්‍ෂ 10 බැගින් දෛනිකව නිකුත් කරන බව කී ආසිරි වලිසුන්දර මහතා එම බිත්තර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *