මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කරයි

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කරයි

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කරයි

කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරුවන් කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව කියුබික් ඝන මීටර් මිලියන 721ක උපරිම ධාරිතාවයෙන් යුක්ත වික්ටෝරියා ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු අටම විවෘත වී තිබෙන බවයි පැවසෙන්නේ.

සියලුම වාන් දොරටු එලෙස විවෘත වී ඇත්තේ දෙවර්ෂයකට පසුව බවද කාර්යයභාර ඉංජිනේරු සාලිය රත්නායක මහතා සඳහන් කරනවා.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත වී තිබෙන අතර මීටර් 2.5 බැගින් දොරටු විවෘත කිරීම නිසා තත්ත්පරයට ඝන මීටර් 1050ක ජල ධාරිතාවක්ද විදුලි උත්පාදනය මගින් තත්පරයට ඝන මීටර් 1230ක්ද රන්ටැඹේ ජලාශයට මුදා හැරෙනවා.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පහළ මහවැලි ගංගාවේ පිහිටි රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු හතරම විවෘත වී තිබෙන අතර එමගින් තත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට නිකුත් කෙරෙනු ඇති.

එමෙන්ම අඛණ්ඩව ජලය මුදා හැරීම හේතුවෙන් පහළ ප්‍රදේශයේ ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙසත් හදිසි ගං වතුර තත්ත්වයන් පිළිබද නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් රන්දෙණිගල කාර්යයභාර ඉංජිනේරු රුවන් බණ්ඩාරනායක මහතා දැනුම් දෙනවා.

පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇතැයි එහි කාර්යයභාර ඉංජිනේරුවරයා සඳහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *