පලස්තීනුවන්ගේගේ මළසිරුරු වලින් ඊශ්‍රායලය අවයව සොරකම් කරන බව ගාසා රජය පවසයි.

GAZA CITY, GAZA - OCTOBER 09: An injured Palestinian kid is seen after Israeli airstrikes at al-Shati refugee camp in Gaza Strip on October 09, 2023. (Photo by Ali Jadallah/Anadolu Agency via Getty Images)

ගාසාහි පළාත් පාලන ආයතනය පවසා සිටියේ ප්‍රදේශය තුල සිදු වෙමින් පවතින ඊශ්‍රායල ජන සංහාරය අතරතුර පසුගිය රාත්‍රීයේ පලස්තීන ජාතිකයන්ගේ මළ සිරුරු වලින් අවයව සොරකම් කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආක්‍රමිකයන් විසින් වගකිම ගත යුතු බවත්, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් පරික්ෂණ ඉල්ලා සිටින බවත්ය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ මාධ්‍ය කාර්යාලය පවසා සිටියේ මළසිරුරු පරික්ෂා කිරිමෙන් හෙළිදරව් වුයේ ඔවුන්ගේ මළසිරුරු තිබු අත්‍යාවශ්‍ය අවයවයන් සොරකම් කිරිම හේතුවෙන් මළසිරරු වල හැඩය සැලකිය යුතු ලෙස වෙනස් වි ඇති බවයි.
තව දුරටත් ඔවුන් පවසා සිටියේ ඊශ්‍රායල හමුදාව විසින් මළසිරුරු භාර දුන්නේ ඔවුන්ගෙ නම් නොදන්වා මෙන්ම ඔවුන්ට එම සිරුරු හමුවු ස්ථාන පිලිබඳව ප්‍රකාශ කිරිමද ඔවුන් ප්‍රතික්ෂේප කල බවයි.

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ පවතින යුද්දයේදි මෙවන් ක්‍රියාවන් නැවත නැවත කල බව එහි සඳහන් වන අතර සොහොන් වලින් මළසිරුරු ගොඩගත් බවද සඳහන් වේ.

ඊයේ දිනට පෙරද ඊශ්‍රායල ආක්‍රමික බලධාරින් විසින් දුසිම් ගනන් ඝාතනය කරන ලද පලස්තීනුවනන්ගේ මළසිරුරු ඊශ්‍රායල හමුදාව විසින් එහි ගොඩබිම් ප්‍රහාරය අතරතුර රඳවා තබා මුදා හැර ඇත.

ගාසාහි සෞඛ්‍යය අමාත්‍යාංශයට අදාල මළසිරුරු ලැබි ඇත්තේ ගාසා දකුණු තීරයේ කරම් අබු සලෙම් හරහා වන අතර එම අදාල මළසිරුරු පසුකාලීනව ගාසාහි අවුකාෆ් අමාත්‍යාංශය හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සමුහ මිනී වළවල් වල ම්හිදන් කිරිමට කටයුතු කර ඇත.

රෆා නගරයේ යුසුෆ් ඉල් නජාර් රෝහලේ අධ්‍යක්ෂ මර්වාන් අල් හම්ස් මහතා ඇන්ඩොලු වෙත පවසා සිටියේ “එක්සත් ජාතීන්ගේ සංවිධානය අපහට කලින්ම දැනුම් දි තිබුනා 80 කට පමණ ආසන්න ගණනක මළසිරුරු ප්‍රමාණයක් ගාසා තීරයට පැමිනෙන බව” යන්නයි

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මළසිරුරු කන්ටේනරයක බහා පැමිණි බවත්, එයින් සමහරක් නොවෙනස්ව තිබු බවත් තවත් සමහරක් සිරුරු කැබැලි වලට මෙන්ම තවත් සමහරක් නරක් වි තිබු බවයි.

ඊශ්‍රායල ආක්‍රමිකයන් විසිම් සිදු කරන ලද එවැනි බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් රතු කුරුස සංවිධානය ඇතුලු ගාසා තීරයේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානය වල නිහඬ ස්ථාවරය එම ඉහත ප්‍රකාශ විවේචනය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *