විභාග ඇගයීම් දීමනා මෙතෙක් ලබා දී නෑ – ගුරු සංගම්

විභාග ඇගයීම් දීමනා මෙතෙක් ලබා දී නෑ - ගුරු සංගම්

විභාග ඇගයීම් දීමනා මෙතෙක් ලබා දී නෑ - ගුරු සංගම්

සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ඇගයීම් දීමනා මෙතෙක් ගුරුවරුන්ට ලබා දී නොමැති බව වෘත්තීය සමිති චෝදනා කරයි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ගුරුවරුන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, එළැඹෙන උසස් පෙළ විභාගයේ ගුරුවරුන්ට ලබා දෙන ඇතැම් දීමනා කප්පාදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේ, පසුගිය විභාග ඇගයීම්වලට අදාළ සියලු ගෙවීම් ලබන 31 වැනිදා වනවිට ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරන බවයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති බවත්, ඔවුන්ගේ පත්වීම් ලිපිය නිකුත් කරන අවස්ථාවේ සියලු ගෙවීම් සම්බන්ධයෙන් දැනුවත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *