ජල බිල්පත් ගෙවීම 15%කින් පහළට

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

ජල බිල්පත් ගෙවීම සියයට පහළොවකින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා ප්‍රකාශ කළේය.

හිඟ බිල්පත් මගින් මණ්ඩලයට රුපියල් බිලියන 12ක පමණ මුදලක් අයවිය යුතු බවත් ගජධීරආරච්චි මහතා පැවසීය.

ජල බිල මාස්පතා ගෙවනු ලබන්නේ සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට පනහක පමණ පිරිසක් පමණක් බවත් ඔහු කීවේය.

ජල බිල නිකුත්කර දින 14ක් තුළ ගෙවන්නේ නම් සියයට එකයි දශම පහක වට්ටමක් හිමිවන බවත් දින 30 ඉක්මවා යන්නේ නම් සියයට දෙකයි දශම පහක වැල් පොලියක් එකතු වන බවත් ගජධීරආරච්චි මහතා පැවසීය.

ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *