ගාසා තීරයේ ඝාතනයට ලක් වු බිලිඳුන්ට උපහාර ලෙස ඉන්කියුබේටරයක් තුළ ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක්

ගාසා තීරයේ මරා දමන ලද බිලිඳුන්ට උපහාර ලෙස ඉන්කියුබේටරයක් තුළ ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක්
ගාසා තීරයේ බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට කරන ලද කුඩා දරුවන් සංකේතවත් කිරීමට පලස්තීනයේ ප්‍රකට චිත්‍ර ශිල්පිනියක වන රානා බිෂාරා ඉන්කියුබේටරයක් තුළ ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක් නිර්මාණය කරමින් ප්‍රදර්ශනයට තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නත්තල් දිනයේ සාමයේ පණිවිඩය ලොව පුරා බෙදාහැරීමේ අරමුණින් සහ ගාසා තීරයේ යුද්ධයට බිලි වූ දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් මේ නිර්මාණය සිදු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ගුවන් ප්‍රහාර මැද ගාසා තීරයේ රෝහල්වල ඉන්කියුබේටර් තුළ සිටි නොමේරූ දරුවන් විශාල ප්‍රමාණයක් රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙන් ඊජිප්තුවට රැගෙන ගොස් තිබිණි.