ඊශ්‍රායාල ප්‍රාහාර හමුවේ ජේසු උපන් බෙත්ලෙහෙමෙත් මෙවර නත්තල නැති වෙයි

ජෙරුසලමේ ක්‍රිස්තියානු ප්‍රදේශයේ නත්තල් බවට කිසිම හැඟිමක් දැනෙන්නේ නෑ…

මෙවර ජෙරුසෙලමේ කිතුනුවන් නත්තල සැමරිම වෙනුවට අඳුරු නත්තල් සමයක් පෙන්වා දෙමින් ඔවුන් ගාසාහි ජනතාව වෙනුවෙන් යාඥා කිරිම වල නිරත වී ඇත.
පැරණි නගරයක් වන නැගෙනහිර ජෙරුසෙලමේ ක්‍රිස්තියානි ප්‍රදේශයේ මෙවර කිසිම නත්තල් සිරියක් ගෙන නොමැත.එහි කිසිම ආකාරයක අලංකාර විදුලි පහන්,විවිද නත්තල් සැරසිලි මෙන්ම නත්තල් ගස්ද දක්නට නොමැත.
සාමාන්‍යයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ පැරණි වීදි මෙන්ම මංතීරු ද දීප්තිමත් ලෙස ආලෝක පහනින් අලෝකමත් වු අතර එම ප්‍රදේශයම වන්දනාකරුවන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන්ද පිරි ඉතිරි කාර්යබහුල වන අතර ඒ අතරම ඇති සියලුම වෙළෙඳසැල් වල කැරොල් ගීත ගායනා ද දක්නට ලැබේ.

මෙවර මෙම නිෂ්ශබ්ද රාත්‍රීන් හා දින වල වීදී මෙන්ම සෑම තැනක්ම හිස්ව පවති.

පසුබිමින් දේවදුත සංගීතය වාදනය වෙමින්, ක්‍රිස්තියානු සිහිවටන වලින් පිරුණු හා ආගමික ඇඳුම් වලින් සමන්විත සාප්පුවක හිමියෙකු පැවසුවේ “එය නත්තලක් මෙන් දැනෙන්නෙවත් නැත”යන්නයි
කොවිඩ් 19 වසංගතය පැවති කාල වලදි මෙන්ම දෙවන ඉන්ටිෆඩා( Intifada) ලේ මර්ධන ප්‍රචණ්ඩත්වය පැවැති කාලයේද ජෙරුසෙලමේ නත්තල් සමයට කිසිඳු විදිහකින් හෝ බාධාවක් නොවු බව පවසන පලස්තීන කිතුනුවන් මෙවර ජෙරුසෙලමේ නත්තල පෙර නොවු විරු දෙයක් ලෙස පවසන ඔවුන් නත්තල සම්පුර්ණයෙන්ම සතුටෙන් තොර බවද පවසයි.
ශීත ඍතුවේ ගිනි උඳුනක් අසල වාඩි වි ලුතරන් පල්ලියේ 73න් හැවිරිදි බිශොප් මුනිබ් යුනානි පැවසුවේ මෙසේයි,

“පලමු හා දෙවන ඉන්ටිෆඩා (Intifada)වලද අපහට දුෂ්කර කාලවල් කිහිපයක්ම තිබුනා.ඒත් එය වෙනස්.අපි ඒ කාලේ නත්තල් ගස් තිබ්බා, අපිට ඕනවුනේ ඒ දුෂ්කර කාලවලදි පවා ඔබට සතුටක් ගෙන ඒමටයි.නමුත් අද තත්වය වෙනස් ඔබට පෙනවා නේද ගාසාවල කුඩා ළමුන්ට නිවාස නැහැ,ඔවුන් සැවොම සාගින්නෙන් පෙලෙනවා”
“ගසක් තියනවා කියලා කියන්නේ අපේ සතුට ප්‍රකාශ කිරිමක්. ඒ වගේම දැන් උදාවෙලා තියෙන්නේ දුක්බර කාලයක්.ඔබට ඔබේ පවුලෙන් කෙනෙකු අහිමි වුවහොත් අපගේ අපගේ කිතුනු චාරිත්‍රයට අනුව ඒ වගේ දුක්බර අවස්ථාවක අපි ගසක් තබා ප්‍රදර්ශනය කරන්නේ නැහැ.ඒ වෙලාව ඔබ යොදවන්නේ ඔවුන් වෙනුවෙන් යාඥා වලටයි යැයි ඔහු තව දුරටත් පැවසීය.

පසුගිය නොවැම්බර් 10 වන්දින ජෙරුසෙලමේ පල්ලි වල ප්‍රධානීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අනවශ්‍ය උත්සව කටයුතු වලින් වැලකි මෙම වසරේ පීඩාවන්ට මුහුණ දි සිටින අය සමඟ ශක්තිමත් ලෙස සිටින ලෙස හා උත්සව වෙනුවට පවතින යුද්ධයෙන් පීඩා විදින පිරිස් වෙනුවෙන් අනුශාසනා කරන්න,යාඥා කරන්න හා ඔවු වෙනුවෙන් නොමසුරුව දායක වන ලෙසයි.
ඒ වගේම යාඥා කටයුතු හැර නත්තල හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම්, වාර්ෂික නත්තල් පොල ඇතුළු සියලු ප්‍රිය සම්භාෂණ , නත්තල් සාද යනාදිය නව ගේට්ටුව අසල අවලංගු කර ඇත.මෙම නත්තල බොහෝ පවුල් සාමාන්‍ය සරල ආහාර වේලක් අනුභව කරමින් දිව්‍ය පූජාවට සහභාගි විම සිදු වනු ඇත.

“සෑම නත්තලක්ම අපි අපේ දෙමව්පියන්, දරුවන්, මිණිබිරි මුණුපුරන් සමඟ පවුලක් ලෙස එකතු වෙනවා.නමුත් මේ සැරේ එහෙම කරන්නවත් අපිට හිත දෙන්නේ නැහැ ”
“අනිත් අය දුක් විදිනකොට අපි ඔවුනට අහිමි වරප්‍රසාදයක් ගන්නවා කියලයි අපිට හිතෙන්නේ”
යැයි කතෝලික සහන, සංවර්ධන හා සමාජ සේවා සංවිධානයක් වන කැරිටාස් ජෙරුසෙලම් හි මහ ලේකම් ඇන්ටන් අස්ෆර් ඔහුගේ කාර්යාලයේදි පැවසිය.

පැරණි නගරයේ ගාඩ් හානිගේ නිවසේ ඔවුන් පුද්ගලිකවම නත්තල් ගසක් තබනවා.ඒ ඔහුගේ 5, 9 හා 10 යන වයස් වල පසුවන ඔහුගේ පිරිමි ළමුන්ට නත්තලේ අරුත වටහා දිමට බවයි ඔහු පැවසුවේ.
“සැබෑ මානසික හානිය සිදුවන්නේ මා මත නෙවෙයි. එය සිදුවන්නේ ළමයි මතයි.මොකද ඔවුන් බොහෝ ප්‍රශ්න නගනවා නඟනවා. හමාස් නරකද? ඊශ්‍රායලය නරකද? පලස්තීනුවන් නරකද? ළමයි අහිංසකයි ඇයි එයාලව මරන්නේ? මොන රොකට් එකද ශක්තිමත්?
මම මගේ ළමයි සමග උපායශීලීව සිටීමට කටයුතු කරනවා. මම ඔවුන්ට ඊශ්‍රායලයට වෛර කරන්නවත් යුදෙවුවන්ට වෛර කරන්නවත් උගන්වන්නේ නැහැ මම කියන්නේ දෙපැත්තම හොඳ විය යුතු බවයි.නත්තල් කාලෙට මේ වගේ තිත්ත ඇත්ත ඔවුන්ට ඉගැන්වීම ඇත්තටම අපහසුයි” යැයි පැවසුවේ ජෆා ගේට්ටුව අසල ගණුදෙනුජරුවන් නොමැති නිසා වසා දමා ඇති අවන්හලේ හිමිකරු වු ගාබි හානි මහතායි.

දහවලේ පැය භාගයක් පමණ කලින් පාසල් නිමවිමෙන් නත්තල් ප්‍රදේශයේ වීදීවල දිස්නය දැකගත හැකිය.එකම වෙලාවක නිෂ්ශබ්දතාවය බිඳ වැටෙන්නේ හුණුගල් මංතීරූ දිගේ දුවන පාසල් නිල ඇඳුමෙන් සැරසුණු ළමයින් හා ඝෝෂාකාරී ළමයින් අතරට පැමිණ නත්තල් සීයා සිය තොප්පිය එලියට ගැනිමෙනුයි.
ජෙරුසෙලමේ ක්‍රිස්තියානි පාසල් අතර, අධ්‍යාපනයේ පදනම මත ජෙරුසෙලමේ පලස්තීන ළමයින් වෙනුවෙන් කිතුනුවන් හා මුස්ලිම්වරුන් සඳහා එය පෙනෙන්නේ මෙම වසරේ නත්තලට සලකුණු කිහිපයක් ලෙසයි.

නිව් ගේට්හි ඩෙස් ෆ්‍රෙරස් පාසලේ විදුහල්පති ඩාවුඩ් කැසැබ්‍රි පවසා සිටියේ මෙවර පන්ති කාමර තුල සාමාන්‍යයෙන් කරනු ලබන නත්තල් ගස් නොමැති බවත් ඔවුන්ගේ කාර්යාල තුලද මෙවර සැරසිලි නොමැති බවයි.නත්තලේ එකම සලකුණ ලෙස ඔවුන් තබා ඇත්තේ පල්ලිය ඉදිරියේ තබා ඇති උපන් දර්ශනය පමණි.”අවුරුදු 5, 6 ළමයින් අපෙන් අහනවා කෝ ඔවුන්ගේ නත්තල් තෑගි කියලා, මොකද මෙවර ඔවුනට නත්තල් තෑගිත් නැහැ” යනුවෙන් ඩාවුඩ් තව දුරටත් පැවසිය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *