ශ්‍රී ලංකාවේ පවුල් 60% කට ඔවුන්ගේ මුළු ආදායම අඩුවේ.

ශ්‍රී ලංකාවේ පවුල් 60% කට ඔවුන්ගේ මුළු ආදායම අඩුවෙලා

ශ්‍රී ලංකාවේ පවුල් 60% කට ඔවුන්ගේ මුළු ආදායම අඩුවෙලා

2022 වසරේ මාර්තු මාසයෙන් පසු, ශ්‍රී ලංකාවේ පවුල් 60% කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ මුළු ආදායමේ අඩුවීමක් අත්විඳ ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැඩ කරන පැය ගණන අඩුවීම, වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයින් අඩුවීම, අලෙවිය පහළ යාම, රැකියා අහිමි වීම සහ රැකියා කොන්ත්‍රාත්තු තාවකාලිකව අත්හිටුවීම, මෙන්ම සත්ව ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යාම ආදී කාරණා මීට හේතු වී ඇති බවයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙරට පවුල් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය අවබෝධ කර ගැනීමේ අරමුණින් සිදුකළ සමීක්ෂණයක් හරහා මේ බව අනාවරණය වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *