ඊශ්‍රායල හමුදාව විසින් නිරායුධ වැසියන් 11ක් ඝාතනය කළ බවට චෝදනා

ඊශ්‍රායල හමුදාව නිරායුධ වැසියන් 11ක් ඝාතනය කළ බවට චෝදනා

ඊශ්‍රායල හමුදාව නිරායුධ වැසියන් 11ක් ඝාතනය කළ බවට චෝදනා

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේදී නිරායුධ සිවිල් වැසියන් 11 දෙනකු ඝාතනය කළ බව කියන සිදු වීමක් සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඊශ්‍රායල රජයෙන් ඉල්ලීමක් කර ඇත. එය යුද අපරාධයක් බවද සඳහන් කර ඇත.

ඊශ්‍රායල බලධාරීන් මේ චෝදනාව සම්බන්ධව ස්වාධීන, පරිපූර්ණ හා ඵලදායි පරීක්ෂණයක් වහාම ආරම්භ කළ යුතු බවත්, එම චෝදනාව තහවුරු වන්නේ නම් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා එවැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන්ට දඬුවම් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගත යුතු බවද අවධාරණය කර ඇත.

පසුගියදා ගාසා තීරයේ ගොඩනැඟිල්ලකට වඩා වැදුණු ඊශ්‍රායල හමුදාවේ සෙබළුන් නිරායුධ සිවිල් වැසියන් 11 දෙනකුට වෙඩි තැබූ බවත්, ඝාතනයට ලක් වූ පුද්ගලයන් අවුරුදු 20 සහ 30 වයස් කාණ්ඩයේ පසු වන අය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබූ බව වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *