ආබාධිත ප්‍රජාව සඳහා නව හැඳුනුම්පතක්

ආබාධිත ප්‍රජාව සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පතක්

ආබාධිත ප්‍රජාව සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පතක්

මැතිවරණ කොමිෂන් සභාව, පැෆ්රල් සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඒකාබද්ධව සිදුකරනු ලැබූ ජන්ද විමසීම් වලදී ආබාධිත ප්‍රජාව සඳහා බාධාවකින් තොරව ජන්දය ප්‍රකාශකිරීම සඳහා හැඳුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු ජාතික උත්සවය (21) පුත්තම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වින.

පසුගිය කාලය පුරාවටම පැවති මැතිවරණ වලදී පූර්ණ ආබාධිත තත්ත්වයන් සහිත ඡන්දදායකයන්ට ඡන්දය භාවිත කිරීමේදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේදී හා සහායකයකු කැටුව යාමේදී ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය හා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයද සමගින් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය වූ අතර මැතිවරණයෙන් මැතිවරණයට එම අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය විය.

මෙම තත්ත්වය පූර්ණ ආබාධිත ඡන්දදායකයින් ඡන්දය භාවිත කිරීමට උදාසීන තත්ත්වයක් බවට හඳුනාගෙන සිටි පැෆ්රල් සංවිධානය මෙම ක්‍රියාවලිය සරල ක්‍රමවේදයකට අනුගත කිරීම වෙනුවෙන් පසුගිය වසර ගණනාවක් මුලුල්ලේම විවිධ පාර්ශවයන් සමගින් සාකච්ඡා පැවැත්වීය. දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියරේදී දිස්ත්‍රික් 10ක පූර්ණ ආබාධිත 5000 ක පිරිසක් වෙනුවෙන් ස්ථිර හැඳුනුම්පත් ලබාදීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *