යළි මුව ආවරණ පළඳින්න, නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළද සිටීමට ඉඩ ඇත – මහාචාර්ය චන්දිම ජීවන්දර

යළි මුව ආවරණ පළඳින්න, නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළද සිටීමට ඉඩ ඇත - මහාචාර්ය චන්දිම ජීවන්දර

යළි මුව ආවරණ පළඳින්න, නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළද සිටීමට ඉඩ ඇත - මහාචාර්ය චන්දිම ජීවන්දර

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති බවයි.

එය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බව ඔප්පු වී ඇති බවද සඳහන්.

කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම්ද ඇති කළ හැකි බවත් සඳහන් කළ මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටියේ හැකිතාක් ආරක්ෂාකාරී වීම වැදගත් බවයි.

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී තිබෙනවා.

එම නිසා ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.

මෙම නව Omicron හි JN.1හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීමයි.

දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීමද මෙහි රෝග ලක්ෂණවලට අයත්.

එවැනි ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *