‘පරෙවි දූපත’ තාවකාලිකව වැසේ

‘පරෙවි දූපත’ තාවකාලිකව වහයි

‘පරෙවි දූපත’ තාවකාලිකව වහයි

ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින අතර ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපතට නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් එම දින කවදාදැයි තිරණය කල නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීහු පැවැසුහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *