පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක්

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක්

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක්

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවටද වෛද්‍යවරු ප්‍රකාශ කරති.

විශේෂයෙන්ම පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹී තිබීම මෙම තත්ත්වයට හේතුවක් බව ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පසුගියදා මාධ්‍ය වෙත අදහස් සඳහන් කළේය.

දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් ඉන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5-20ත් අතර පිරිසක් දිනපතා පැමිණෙන අතර ඉන් වැඩි පිරිසකගේ මුඛ පිළිකා තත්ත්වයට මුල් අවධියේදීම පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි බවද හෙතෙම කීවේය.

විශේෂයෙන් පාසල් සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාසලේ දන්ත ශල්‍යාගාරයේ වෛද්‍යවරයාට කළහැකි බවත් එසේ නොමැති නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන දන්ත චිකිත්සක නිලධාරිවරයා හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බවත් ඒ මහතා සිහිපත් කළේය.

මුඛ පිළිකා වැඩි වශයෙන් සෑදෙන්නේ බුලත් විට කෑමෙන් බව අනාවරණය වී ඇති අතර ජනතාවගෙන් සියයට හතළිස් නවයක් බුලත් සමග දුම්කොළ කෑම සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව සතියකට වරක් හෝ මුඛය පරික්ෂා කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *