2023 උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය
2023 අපොස උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ජනවාරි 04 වැනිදායින් ඇරඹෙන උසස් පෙළ විභාගය ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාලසටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද, පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික ලිපිනයන් වෙතද තැපැල් කළ බවයි.
ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් නොලද අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීමට හැකියාව පවතී.
විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන් වෙත දන්වා සිටින්නේ, ප්‍රවේශපත්වල සංශෝධන සිදුකර ගැනීම සඳහා මෙම දෙසැම්බර් මස 19 වැනිදා රාත්‍රි 12.00 දක්වා එක් වරක් පමණක් http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස සිදුකර ගත හැකි බවයි.




