ගාසා තීරය යලි කිසිදා යථා තත්ත්වයට පත් නොවේවි – එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවේ - එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවේ - එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය යලි කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසනවා.

ගාසා තීරයේ මානුෂීය පද්ධතිය බිඳ වැටිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට සෘජුවම අනතුරු අඟවා තිබෙනවා.

මෙම මානුෂීය ව්‍යසනය වැළැක්වීමට පියවර ගන්නැයි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටීමට ඔහු කටයුතු කර තිබෙනවා.

ඒ දශක ගණනාවක් තිස්සේ භාවිත නොකළ ලිපි මගින් දැන්වීමේ ක්‍රමවේදය භාවිත කරමින්.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල බෝම්බ හෙලීම සහ අත්‍යවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවෙන් ගාසා තීරයේ මහජන සාමය සම්පූරණෙයෙන්ම බිඳ වැටෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

එමෙන්ම වසංගත රෝග පැතිර යා හැකි අතර අසල්වැසි රටවලට විශාල වශයෙන් අවතැන්වූවන්ගෙන් එල්ල වන පීඩනය වැඩි විය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ වනවිට ගාසා තීරයේ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ළමයින් 7000ක් පමණ ඇතුළු 16,200ට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *