ලංකාවේ ප්‍රථමවරට ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කරයි

0
ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රියාත්මකයි

ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රියාත්මකයි

ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (05) සිදුවිය.

ඒ අනුව ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම (05) සිට ක්‍රියාත්මකයි.

ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම සහතිකය නිකුත් කෙරේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව උප්පැන්න සහතිකයට ඇතුළත් කර ඇති අංකය ඉදිරියේ දී ජාතික හැඳුනුම්පත් අංකය බවට පත්වේ.

එම අංකය උපතේදීම ලබාදීමේ හැකියාව මෙම නව ක්‍රමවේදය තුළින් හිමිවනු ඇත.

ඒ අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබාදීමට හැකියාව ලැබෙන අතර, ඒ තුළින් ජනගහන ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com