සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එනම් 72.07%ක් සුදුසුකම් ලබා ඇති බවයි සඳහන්. මේ බව සඳහන් කළේ (01) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින්.

මෙවර සමාන්‍ය පෙළ විභාගයෙන් A9 සාමාර්ථ ලබා ගත් සිසුන් 13,588 සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2022(2023) සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක් ලබා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

2 වන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් හා 3 වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලය හිමි කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 472,553ක් පෙනි සිට තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *