ගාසා තීරයේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිය යා හැකියි – WHO

ගාසා තීරයේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි - WHO

ගාසා තීරයේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි - WHO

බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් ගාසා තීරයේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ මේ වන විට බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය සහ සනීපාරක්ෂක පහසුකම් යථා තත්ත්වයට පත් නොකළහොත් බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබා මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. මේ වන විට මිලියන 1.1ක සරණාගතයන් පිරිසක් නවාතැන් ගෙන සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජනාකීර්ණ කඳවුරුවල දරුවන් අතර පාචනය සහ ශ්වසන ආසාදන පැතිරී ගොස් ඇතැයිද, පිළිකාව වැනි නිදන්ගත රෝගීන්ටද කිසිදු ප්‍රතිකාරයක් නොලැබී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක වන මාග්‍රට් හැරිස් පසුගියදා ජිනීවා නුවර පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ රෝහල්වල ඖෂධ, එන්නත්, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂාව බරපතළ ගැටලුවක් වී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *