බැංකු බලපත්‍ර ගාස්තු ඉහළ දමයි

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට

බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බලපවත්නා වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනයට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල වත්කම් පදනම මත මෙම ගාස්තු අය කිරීම සිදුකෙරෙන අතර එහිදී රු. බිලියන 25කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023 වසර වෙනුවෙන් රු. මිලියන 3.3ක බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලැබූ අතර එය 2024 සහ 2025 වසර සඳහා එක් වර්ෂයකට රු. මිලියන 3.5ක් බැගින් වනු ඇත.

මේ අතර රු. බිලියන 2,000ක් ඉක්මවූ විශාල පරිමාණයේ වත්කම් පදනමක් සහිත බැංකු සඳහා රු. මිලියන 38ක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. මිලියන 40ක් දක්වා ඉහළ නංවා තිබේ.

එක් එක් වත්කම් පදනම් කාණ්ඩ යටතේ 2024 සහ 2025 වසර දෙක සඳහා වාර්ෂිකව බලපවත්නා බලපත්‍ර ගාස්තු සටහන පහතින් දැක්වේ. 2023 වසර සඳහා අදාළ වූ බලපත්‍ර ගාස්තු සටහනද මෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ගාස්තු අදාළ වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *