ක්‍රිකට් පුනර්ජීවනය ඇතුළුව සංසද 03ක් ස්ථාපිත කිරීමට අනුමැතිය

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

2023 නොවැම්බර් 20 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පහත විස්තර සඳහන් පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායකවරයා (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ආරම්භ කිරීම එහි එක් සංසදයකි.

නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා සහ පිළිවෙළින් වෙනත් මන්ත්‍රීවරයන් 14 දෙනෙකු සහ 12 දෙනෙකු විසින් වෙන වෙනම කරන ලද ඉල්ලීම් පරිදි “කඳුකරය සුරැකීම” සහ “මානව හිමිකම්” පිළිබඳව පාර්ලිමේන්තු සංසද දෙකක් ආරම්භ කිරීම අනෙක් සංසද දෙක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *