ගාසා තීරයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීමේ දී ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකියි – WHO

ගාසා තීරයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීමේ දී ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකියි – WHO

ගාසා තීරයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීමේ දී ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකියි – WHO

ගාසා තීරයට මානූෂීය ආධාර සැපයීමේ දී ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ගාසා තීරයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් පහසුකම් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටේඩ්රෝස් ඇඩ්හනෝම් සඳහන් කරනවා.

ගාසා තීරයේ සෞඛ්‍ය අවශ්‍යතා ඉහළ යමින් පවතින පසුබිමක ඒවා සැපයීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය සති දෙක තුළ දී පමණක් මෙට්‍රික් ටොන් 54ක පමණ මානූෂීය සැපයුම් ගාසා තීරයට ලබාදී ඇති අතර එය අවශ්‍යතා සැපිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොව බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසනවා.

කෙසේ වුවද පලස්තීන වැසියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තම උපරිමයෙන් ක්‍රියා කළද වර්තමාන තත්ත්වය යටතේ එය දැඩි අසීරු කර්තව්‍යක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *