ගාසා තීරයේ අල් ශිෆා රෝහල මරණය වැළඳගන්නා කලාපයක් – WHO

ගාසා තීරයේ අල් ශිෆා රෝහල මරණය වැළඳගන්නා කලාපයක් - WHO

ගාසා තීරයේ අල් ශිෆා රෝහල මරණය වැළඳගන්නා කලාපයක් - WHO

ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණය වැළඳගන්නා කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායල හමුදාවේ නියෝගය මත වෛද්‍යවරුන්, රෝගීන් සහ අවතැන් වූ පුද්ගලයන් බොහෝ දෙනා රෝහලෙන් ඉවත් වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානය (18) අල්-ශිෆා රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළේය.

මරණය වැළඳගන්නා කලාපයක් වු අල්- ශිෆා රෝහලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායම ඇතුළු වනවිට සමූහ මිනි වළක් දුටු බවත් එහි මෘත දේහයන් 80 කට වැඩි ප්‍රමාණයක් වළලා ඇතැයි පලස්තීන බලධාරීන් පැවසූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ විවිධ දෙපාර්තමේන්තු වල මහජන සෞඛ්‍ය විශේෂඥයන්, සැපයුම් සහ ආරක්ෂක නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත් විය.එම කණ්ඩායම ආරක්ෂක හේතුන් මත පැයක කාලයක් පමණක් අල්-ශිෆා රෝහලේ රැඳී සිට ඇති අතර එම කාලයේදී එම රෝහලට එල්ල වූ වෙඩි සහ ෂෙල් වෙඩි ප්‍රහාර පිළිබඳව සාක්ෂි දැක ගැනීමට හැකියාව ලැබුණු බවද එම නිවේදනයේ දැක්වේ.අල්-ශිෆා රෝහලට පිරිසිඳු ජලය, ඖෂධ, ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම නතර වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ආරක්ෂක හේතුන් මත අල්-ශිෆා රෝහලට අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීමට පවා නොහැකි වී ඇති බවත් රෝහල තුළ වෛද්‍ය අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය පිරී තිබූ බවත් එය අසාදන පැතිරීමේ අවදානම වැඩි කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

(19) වන විට අල්-ශිෆා රෝහලේ සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු සහ රෝගීන් 291 දෙනකු රැඳී සිටි බවත් ඉන් 32 දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළදරුවන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *