ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දමයි

ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දමයි

ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දමයි

රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දැමීමට ෆින්ලන්ත රජය පියවර ගෙන තිබේ.

සරණාගතයින්ගේ සංක්‍රමණ ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ෆින්ලන්තය මෙම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සරණාගතයින් දේශසීමා වෙත යොමු කිරීමට රුසියාව පියවර ගෙන ඇති බවට ෆින්ලන්තය චෝදනා කරන අතර මෙම සතිය තුළ පමණක් එලෙස ෆින්ලන්තයට ඇතුළු වී ඇති සරණාගතයින් සංඛ්‍යාව 300ක් පමණ වන බව සඳහන්ය.

කෙසේ වෙතත් දේශසීමා පිවිසුම වසා දැමීමට ෆින්ලන්තය ගත් පියවර දෙරටේ සබඳතා පළුදු කිරීමට හේතු වනු ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *