ගාසා තීරයට දවසකට ඉන්ධන ට්‍රක් රථ 02ක් සැපයීමට ඊශ්‍රායලය එකඟ වෙයි

ගාසා තීරයට දවසකට ඉන්ධන ට්‍රක් රථ 02ක් සැපයීමට ඊශ්‍රායලය එකඟ වෙයි

ගාසා තීරයට දවසකට ඉන්ධන ට්‍රක් රථ 02ක් සැපයීමට ඊශ්‍රායලය එකඟ වෙයි

දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

මෙම අවසරය ලබා දී ඇත්තේ අමෙරිකාව විසින් ඊශ්‍රායලයට කරන ලද බලපෑම් මත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු පවසන්නේ සෑම දින දෙකකට වරක් ඉන්ධන ලීටර් 140,000 කට පමණ අවසර දෙන බවයි.

ඒවායින් බොහොමයක් ආධාර බෙදා හරින ට්‍රක් රථ සඳහා මෙන්ම ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වීම සඳහා අදහස් කරන බව අදාළ නිලධාරියා පවසා ඇතැයි වි දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉතිරිය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඇනහිට තිබූ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරනු ඇත.

සිකුරාදා, ගාසාහි සන්නිවේදන සපයන සමාගම පැවසුවේ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන Unrwa හරහා ඉන්ධන ස්වල්පයක් ලැබීමෙන් පසු එහි සේවාවන් ආපසු යථා තත්ත්වයට පත් වූ බවයි.

මෙම ඉන්ධන ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වොෂින්ටනය ඊශ්‍රායලයට සැලකිය යුතු පීඩනයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරියා පැවසීය.

පවතින ගැටුම් හමුවේ ගාසා තීරයේ ඉන්ධන නොමැතිකම සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා සෞඛ්‍ය සේවා පද්ධතිය සහ සනීපාරක්ෂක පහසුකම් දැඩි ලෙස කඩාවැටීමකට ලක්වා ඇති බවත් ඒම තත්ත්වය “කනස්සල්ලට පත්වන ප්‍රවණතා” බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මීට පෙර සදහන් කර තිබුණි.

පලස්තීන ප්‍රදේශයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රිචඩ් පීපර්කෝන් පැවසුවේ උග්‍ර ශ්වසන ආසාදන වැළැදුන් පුද්ගලයින් 70,000 කට වැඩි ප්‍රමාණයක් සහ පාචනය රෝගීන් 44,000 කට වඩා වාර්තා වී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *