රු. කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් රේගු භාරයට

0
රු. කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් රේගු භාරයට

රු. කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් රේගු භාරයට

රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්‍රන් ජෙල් කරල් 16ක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී (16) රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

රේගු නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. ඒ අනුව මෙම ගුවන් මගියාව ඔහු පැමිණි ගුවන්යානය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 32 හැවිරිදි කොළඹ – 02 කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු (16) අලුයම 01.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සැකකරුගේ ගමන් මල්ල තුළ කිලෝ 06යි ග්‍රෑම් 423යි මිලිග්‍රෑම් 09ක් බරැති මෙම රත්‍රන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවා තිබී ඇත.

මේ වනවිට මෙම රත්‍රන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා යොමුකර තිබේ.

සැකකරුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන්ද විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට පියවරගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com