අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව කොළඹ වරායට

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව කොළඹ වරායට

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව කොළඹ වරායට

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව (13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු විය.

බහමාස් ධජය යටතේ යාත්‍රා කරන Virgin Voyages නැව් සමාගමට අයත් මෙම මගී නෞකාව දිගින් මීටර් 277කින් යුක්තය. එය 2022 වර්ෂයේ ඉදිකරන ලද්දකි.

සංචාරක මගීන් 2318ක් සහ 1194ක සේවක මණ්ඩලයකින් යුතු මෙම Resilent Lady මගී නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා සහ නෞකාවේ කපිතාන් Matthew Hudson මහතා අතර විශේෂ ඵලක හුවමාරුවක්ද නෞකාවේ දී සිදු කෙරුණි.

ඉන්දියාවේ ගෝවා සිට පැමිණි Resilent Lady නෞකාවේ මීළඟ නැවතුම වන්නේ තායිලන්තයේ Phuket වරාය වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *