මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති කෝටියක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති කෝටියක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට
පරිසර ආරක්ෂක බලපත්‍රයක් නිකුත් කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ගන්නා අවස්ථාවේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් (10) අත්අඩංගුවට ගනු ලැබූහ.
අල්ලස් කොමිෂන් ඉතිහාසයේ වැටලීමකදී හසු කරගැනුණු වැඩිම තෙවැනි අල්ලස් මුදල ලෙස සැලකෙන්නේ මෙය බව අල්ලස් කොමිෂන් සභාවේ තොරතුරු අනාවරණය කළේය. පළමු වැඩිම අල්ලස් මුදල ලෙස සැලකෙන්නේ රුපියල් කෝටි දොළහමාරක් වන අතර, දෙවැනි වැඩිම අල්ලස් මුදල ලෙස සඳහන් වනුයේ රුපියල් කෝටි දෙකකි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතාට අමතරව සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක්ද අත්අඩංගුවටගත් සෙසු අය අතර සිටින බව සඳහන්ය. මේ අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ අතරමැදියන් මඟින් බවද කියවේ.
දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපාරයක් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දිය යුතු වාර්ෂික පරිසර ආරක්ෂන බලපත්‍රය දීම වෙනුවෙන් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100ක මෙලෙස අල්ලස් මුදල් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණීල්ලකට අනුව ඊයේ දිනයේ කළ වැටලීමකදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගෙන සිටින සෙසු දෙදනා අතරමැදියන් ලෙස කටයුතු කර ඇති අය බව අල්ලස් කොමිෂන් සභාවේ තොරතුරු අනාවරණය කළේය.