ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් විකුණා දමයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් විකුණයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් විකුණයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය (09)වැනි දා විකිණීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර (09)වැනි දා එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර ඇත.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.26කි.

මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යම්හෙයිකින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිලදී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *